හොඳම දෙයක් දෙන්න තමයි ඒ වගේ කාලයක් ගත්තෙ
?
මම හැම තිස්සෙම උත්සාහ කරන්නෙ එක පාරක් බලපු කෙනෙක්ට ආයෙත් බලන්න ඕන හිතෙන මියුසික් වීඩියෝ එකක් නිර්මාණය කරන්න. ඒ විදිහට මිනිසුන්ට හිතන්න නම් කවුරුවත්ම නොකරපු අලුත්ම වැඩක් වෙනස් විදිහට කරන්න ඕනෙ. අනිත් කාරණය තමයි මිනිසුන්ට මොනවද ඕන කියන දේ මම දන්නව. ඒ හැම දෙයක්ම හිතල නිර්මාණය කරන එක තමයි මම ඉක්මනින් ටේරන්ඩින් වීම පිටුපස තියෙන රහස.
ගීතයක් ටේරන්ඩින් වුණ නිසාම ඒක හොඳ නිර්මාණයක් කියල කියන්න පුළුවන්ද?
මේ ගීතය ගත්තොත් ගීතයේ මියුසික් කරද්දි සෑහෙන වාරක් වෙනස්කම් කර කර හොඳ නිර්මාණයක් කරන්න අපි ලොකු වෙහෙසක් ගත්ත. මියුසික් පැත්තෙන් ලොකු අප්ඩේට් එකක් මේකෙ තියෙනව. මේ වීඩියෝ එක ගත්තම වුණත් අනිත් මියුසික් වීඩියෝවලට වඩා මේක වෙනස් නිර්මාණයක්. මේක බැලුවම ඕන කෙනෙක්ට පේනව මේක කොලිටි වැඩක් කියල. හැම පැත්තෙන්ම මේ ගීතය හොඳ නිසා තමයි ගීතය මේ තරම් ඉක්මනට ජනප්‍රිය වුණේ. ගීතයක් ටේරන්ඩින් වෙන්න ගීතයේ තියෙන ගුණාත්මකභාවය බලපානව.
අද බොහෝ විට දකින්න තියෙන්නෙ ගීතයේ ගුණාත්මකභාවයට වැඩිය මූල්‍යමය වාසි බලාගෙන කරන නිර්මාණ කිව්වොත්?
මම වෘත්තීමය ගායන ශිල්පියෙක්. මම මේ ක්ෂේත්රයට එන්නෙම ආයතනයක් හරහා. මම දැන් ඒ ආයතනයෙන් අයින් වෙලා කරන්නෙත් ‘රිගින් ටෝන්’ වලට ලබාදීම සඳහා නිර්මාණ කිරීම. ඒක මම කාටවත් බලෙන් කරන දෙයක් නෙමෙයි. තමන් කැමැති නම් විතරයි රිගින් ටෝන් දාගන්න, ඩවුන්ලොඩ් කරගන්න පුළුවන්. මම වෙන රස්සාවක් කරන්නෙ නෑ, පාට් ටයිම් ජොබ්ස් කරන්නෙ නෑ. මම සල්ලි හම්බකරන්න ඕනෙ මේකන්ම තමයි. ගායන ශිල්පියෙක් වශයෙන් මම හදාගත්ත ලයිෆ් ස්ටයිල් එකක් තියෙනව. ඒක නඩත්තු කරන්න ඕනෙ. ඒ හැම දෙයක්ම කරගෙන යන්න මම හම්බු කරන්න ඕනෙ. ඉතින් ඒ සඳහා මම පාවිච්චි කරන්නෙ මගේ වෘත්තිය තමයි. හැබැයි ඒ සඳහා මම ගුණාත්මක බවින් අඩු නිර්මාණ කරන්නෙ නැහැ.
වැළපෙන ගීත රැල්ලක් නිර්මාණය කිරීමට පුරෝගාමී වුණා කියන චෝදනාව ඔබටත් තියෙනව?
මම ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. මොකද මම ක්ෂේත්රයට එනකොටත් එහෙම රැල්ලක් තිබුණ. ඒක තමයි වැඩිම පිරිසක් අහන ස්ටයිල් එක වෙලා තිබුණෙ. බහුතරය කැමැති ඒකට. ඕකටම තමයි මල් ක්‍රවුඩ් එක කියලත් කියන්නෙ. ඒකට මල් ක්‍රවුඩ් එක කියනව නම් එදා කාලෙ ඉඳල ජෝතිපාල මහත්තය කියපු සරල ගීත හැම එකක්ම ඒ ජාතියටම තමයි ඇතුළත් වෙන්නෙ. බහුතරයක් ඉල්ලන්නෙ ඒක නම් මම ඒක නොදුන්නොත් මම නැඟපු ඉණිමඟට මමම පයින් ගැහුව වගේ වැඩක් තමයි වෙන්නෙ. ලේසියෙන්ම මිනිසුන්ට කියන්න පුළුවන්, ඉක්මනින් මතක හිටින වචන තමයි ඒ සින්දුවල තියෙන්නෙ. කොහොම හරි ඔය වර්ගීකරණයට තමයි මාවත් ඇතුළත් වුණේ. මම එහෙම රැල්ලක් හදන්න පුරෝගාමී වුණා කියන එක බොරු කතාවක්.
ඔය වර්ගීකරණයෙන් මිදිල නිර්මාණ කරන්න අදහසක් නැද්ද?
මට පුළුවන් එක පාරටම බොහොම සීමිත පිරිසක් කැමැති ගීතයක් කරන්න. හැබැයි ඒක ඇත්තටම බහුතරය නෙමෙයි. එතන ඉන්නෙ ඉතාම සුළුතර පිරිසක්. මම නිර්මාණ කරන්නෙ බහුතරය වෙනුවෙන්. මම බහුතරය ඉන්න තැන ඉඳල සුළුතරය ඉන්න තැනට පැන්නොත් ගිනිගොඩට පැන්න වගේ වැඩක් තමයි එතකොට වෙන්නෙ. එහෙම වුණොත් මට ඉතාම සීමිත පිරිසක් ඉඳියි. හැබැයි බහුතරය මගෙන් ඈත්වෙයි. හැබැයි ඔය අපිට වෙනස් වෙන්න කියන පිරිස අපි වෙනස් වුණත් අපිට හැමදාමත් බනිනව. ඔවුන් අපිව විවේචනය කරන්නෙ අපේ ගීත බලල නෙමෙයි. ඒගොල්ලො අහන ස්ටයිල් එකට පටහැනි නිසා තමයි අපිට බනින්නෙ. එකපාරටම නැතුව මගේ වයසත් එක්කම හැම දෙයක්ම ටික ටික ඉදිරියෙදි වෙනස් වෙයි.
සඳුන්ගෙ ඊළඟ නිර්මාණයටත් ගොඩක් කල් ගතවෙයිද?
මම හිතන්නෙ හොඳ නිර්මාණයක් කරන්න ගොඩක් කල්ගත්තට කමක් නෑ කියල. හැබැයි ඊළඟ නිර්මාණයෙ වැඩත් මේ වෙනකොට සියයට පනහක් විතර ඉවරයි. ඒ ගීතය දේදුන්නක් වගේ ලස්සන ගීතයක්.
ඉන්දික වික්‍රමරත්න