අගමැති සහ කථානායක අතර හමුවක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (24) උදෑසන  විජේරාම පිහිටි නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

කොවිඩ් -19 තත්ත්වය හමුවේ ලබන 09 වනදා පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා අතර එහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාරව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ද මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා වී තිබේ.