සමඟි ජන බලවේගයේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි – නව නිලධාරී මණ්ඩලයත් පත්වෙයි
සමඟි ජන බලවේගයේ අද (25) පැවති පළමු කෘතධිකාරි මණ්ඩල රැස්වීමේදී නව නිලධාරී මණ්ඩලය පත්කර තිබේ.
ඒ අනුව පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර,සභාපති ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත්ව ඇත.
ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ඉමිතියාස් බාකීර් මාකර්, රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, රවීන්ද්‍ර සමරවීර යන අය නම් කර තිබේ.
උපසභාපතිවරු ලෙස තලතා අතුකෝරළ,ගයන්ත කරුණාතිලක,දිලිප් වෙදආරච්චි, ඒ.එච්.එම්.හලීම්, චන්ද්‍රානි බණ්ඩාර, පී.හැරිසන්, හරීන් ප්‍රනාන්දු සහ සුජීව සේනසිංහ කටයුතු කිරීමට නියමිතය.
භාණ්ඩාගාරික ලෙස හර්ෂ ද සිල්වා මහතාත් ප්‍රධාන විධායක නිලධාරී ලෙස අජිත් පි පෙරේරා මහතා ද පත්ව තිබේ.
තවද නියෝජ්‍ය ලේකම්වරු 04ක් නියෝජ්‍ය ජාතික සංවිධායකවරු 03ක් සහ නීති ලේකම්වරු දෙදෙනෙක් ද නම් කර ඇත.