රංවල පදනමෙන් e පාසලක්

දේශීය ජන කලාවන් ජාත්‍යන්තරයට ගෙනගිය රංවල පදනම විසින් ලෝකයේ පුරා ජීවත් වන ශ්‍රී ලාංකේය දරුවන් සඳහා විවෘත වුණු පාසලක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබේ.  මෙය ලංකා e පාසල නම් වේ. මෙම e පාසලේ ඉගැන්වීම් කටයුතු එළැඹෙන පෙබරවාරි මස 04දා සිට ඇරඹෙන අතර ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විෂය නිර්දේශ දෙකකින් මෙහි ඉගැන්වීම් සිදු කෙරේ. එහිදී සිංහල භාෂාව, ජන ගීය, නර්තනය, බෙර වාදනය සහ ලාංකේය චිත්‍ර කලාව ඇතුළු විෂයන් ගණනාවක් ඉගැන්වීම සිදුවේ. ‘ගෝලීය ලංකා පවුලක්’ යන්න අරමුණු කරගනිමින් මෙම E පාසල ආරම්භ කිරීමට නියමිතය.

ලංකා e පාසල සඳහා අයදුම් කිරීම පහතින්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

https://forms.gle/qSrau3Mbf3m31ke1A