කොවිඩ් එන්නත හෙට දිවයිනට

කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිත වනවා.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා පැවසුවේ එන්නත් රැගත් ගුවන් යානය හෙට පෙරවරු 11.00 ට මෙරටට පැමිණීමට නියමිත බව සඳහන් කළා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙරට පැතිර යන කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ඉන්දිය රජය විසින් පරිත්‍යාගයක් ලෙසයි මෙරටට ලබාදෙන්නේ.