විසඳුම් නොලැබුණොත් බස් ධාවනයෙන් ඉවත් වනවා
සිය ඉල්ලීම්වලට විසදුම් නොලැබුණහොත් ලබන 9 වනදා සිට බස් ධාවනයෙන් ඉවත් වීමට පියවර ගන්නා බව පෞද්ගලික බස් රථ සංගම් පවසනවා.
සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ පෞද්ගලික බස්රථ කර්මාන්තය සදහා රජය විසින් ලබාදුන් සහන ක්රියාත්මක කිරීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බවයි.