අදට අපි විවාහ වෙලා හරියටම අවුරුදු 9ක් – උදය ශ්‍රී
උදය ශ්‍රී කියන්නේ ගීත ගායනයෙන් නමක් දිනාගත් තරුණයෙක්. තාරුණ්‍යයට ගී ගයන ඔහු පසුගිය කාලයේ නිරන්තරයෙන්ම දකින්න ලැබුණේ නැහැ.
සිය බිරිඳ සහ 8 හැවිරිදි දරුවා සමග මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඔහු මුහුණු පොතේ අද අපූරු සටහනක් තබා තිබුණා.
අද උදයගෙයි වින්ද්‍යාගෙයි 09 වන විවාහ සංවත්සරයයි. ඒ වෙනුවෙන් සිය ආදරය ඔහුට ලැබුණු හැටි ගැනත් බිරිඳට සුබ පතමින් ඔහු මංගල ඡායාරූපයක් සමග මුහුණු පොතේ මෙම සටහන ලියා තිබුණා…
“අදට අපි විවාහ වෙලා හරියටම අවුරුදු 9ක්
අපි යාළු වුණේ නම් ඊටත් අවුරුදු 07කට කලින්…
එහෙම බැලුවොත් නම් අපි අපේ මේ ආදර ගමන පටන් අරන් දැන් අවුරුදු 16ක් විතර වෙනවා.
හැබැයි අපි විවාහවුනාට පස්සෙ මේ ගෙවී යන අවුරුදු 09,
අර ඊට කලින් කිව්ව අවුරුදු 07ට වඩා
වගකීම්වලින් පිරුණු එකක්.
අභියෝග ගොඩකට මුහුණදෙන්න වුණු කාලයක්..
අපි දෙන්නට අපේ ජීවිතේ වටිනාම තෑග්ග ලැබුණු කාලය
ඒ වගේම අර කලින් කිව්ව අභියෝග සියල්ලම වගේ ජයග්‍රහණය කරන්නට ලැබුණු කාලයක්
ඉතින් ඒ සියළුම අභියෝග ජයගන්නත්,
මට ඒ වටිනාම තෑග්ග වෙන “දීඝායුෂ්” පුතාව ලැබෙන්නත්
අර කිව්ව වගකීම්වලින් සැහැල්ලුවක් ලබාදෙන්නත් කියන මේ හැමදේකම Credit එක යන්න ඕනෙ ඔයාටයි
Those things would not have happened if you were not there.
Without you, all those things are impossible baby
So I’m Wishing you a Happy Wedding Anniversary Sweetheart May you have a Happy, Healthy Long Life !!!
I Love you & be with you forever Until the Great NIBBANA !!!
May the Triple Gem Bless You every moment ”