‘මාස්ටර්’ කෝටි 200ක් උපයයි

අවස්ථා කිහිපයකදීම ‘කොවිඩ්’ ගෝලීය වසංගතය හේතුවෙන් ප්‍රදර්ශනය කිරිමට නොහැකි වූ ලොකෝෂ් කනගරාජ්ගේ ‘මාස්ටර්’ චිත්‍රපටය පසුගිය ජනවාරි 13 වැනිදා දකුණු ඉන්දීය සිනමා ශාලා රැසක ප්‍රදර්ශනය කරනු ලැබිය.

‘කොවිඩ්’ වසංගතය නිසාවෙන් මාස 09ක කාලයක් තිස්සේ වසා දමා තිබුණ ඉන්දීය සිනමා ශාලා ‘මාස්ටර්’ චිත්‍රපටය වෙනුවෙන් විවෘත කළ අතර, එය එම චිත්‍රපටයට ඉතා විශාල මුදලක් උපයා ගැනීමට මාර්ගයක්ද විය. මේ වනවිට ‘මාස්ටර්’ චිත්‍රපටය විසින් දින 10ක් තුළදී ඉන්දීය රුපියල් කෝටි 200ක අදායමක් උපයා ගැනීමට සමත්ව ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!