මේ වසරේදී වාහන ආනයනය කරන්නෙ නෑ : වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති

මෙම වසර තුළදී වාහන ආනයනය සිදු නොවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ මහතා පවසනවා.

වාහන ආනයනය සඳහා රජය පනවා ඇති සීමා කිරීම් ඇතුළු හේතු කිහිපයක් ඊට බලපා ඇති බවයි සභාපතිවරයා පවසන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වාහන ආනයනය සීමා කර තිබියදී පවා ඩොලරයේ අගය ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, මෙම තත්වය මත වාහන ආනයනය කළද එම වාහන විකුණා ගැනීමට ගැනුම්කරුවන් සොයා ගැනීමද අපහසු වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වාහන ආනයනකරුවන් මෙන්ම ව්‍යාපාරයට සම්බන්ධ සෙසු පුද්ගලයන්ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පෙන්වා දෙන සභාපතිවරයා පවසන්නේ ඔවුන්ට සහන සැලසීමට රජය මැදිහත් වියයුතු බවයි. ලබාගෙන ඇති බැංකු ණය නැවත ගෙවීම සඳහා සහන ලබාදීම ඇතුළු සහන රජයෙන් බලාපොරොත්තු වන බවද මෙරින්චි‍ගේ මහතා පවසනවා.

ජපානයේ භාවිතා කළ වාහන පවා මෙරටට ගෙන්වීමේදී ලක්ෂ 3-4 කට ‍ආනයනය කරන වාහනයක් සඳහා රුපියල් ලක්ෂ 30 ක පමණ තීරු බද්දක් අය කරන බැවින් එවැනි මුදලකට වාහන මිලදී ගැනීමට ගැණුම්කරුවන් ඉදිරිපත් නොවන බවත්, මෙරට තුළ භාවිතා කරන වාහන පවා නැවත විකිණීමේ මිළ ගණන් ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.