මුතුරාජවෙළ විනාශය සෙවීමට කමිටුවක්
මුතුරාජවෙළ තෙත් අභයභූමියට ඇතැම් පුද්ගලයින් විසින් සිදු කර ඇති පාරිසරික හානිය කෙතෙක් ද යන්න තක්සේරු කිරීමට හා එම තත්ත්වය තවදුරටත් සිදුවීම වළක්වා ලීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දී තිබිනි.
ඒ අනුව මෙම කමිටුව සඳහා පත් කිරීමට යෝජිත විශේෂඥ කමිටුවට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරු, වාරිමාර්ග අමාත්‍යාංශය, ඉඩම් ගොඩකිරීමේ මණ්ඩලය, වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශ, හා පරිසර අමාත්‍යාංශ ඇතුලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල නියෝජිතයින් පිරිසක් ඊට ඇතුළත් කෙරේ.
මෙම කමිටුවට පත් කිරීම සඳහා ඒ ඒ ආයතන විසින් පත් කෙරෙන නියෝජිතයා නම් කර තමන්ට දැනුම් දෙන ලෙස පරිසර ලේකම්වරයා විසින් එකී අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වෙත දැනුම් දී තිබේ.
මුතුරාජවෙළ තෙත් අභයභූමිය රැක ගැනීම සඳහා මේ වනවිට විවිධ පාර්ශ්ව විසින් යෝජනා ඉදිරිපත් කර තිබේ. විශේෂයෙන් ආගමික නායකයින් ද මෙම කාරණය සම්බන්ධව මැදිහත් සිටීමත්, ඇතැම් පිරිස් විසින් කිසිදු සෙවීමකින් තොරව මෙම තෙත් බිම ගොඩ කර විවිධ ඉදිකිරීම් සිදු කර තිබීමත් නිසා විශාල පාරිසරික හානියක් සිදු වී ඇති බව පරිසර අමාත්‍යාංශය විසින් තහවුරු කර ගෙන ඇත.
කෙසේ වුවද මෙම පත් කිරීමට කටයුතු යොදා ඇති විශේෂඥ කමිටු වාර්තාව මත මුතුරාජවෙළ තෙත් අභය භූමියට කිසියම් පාර්ශ්වයක් විසින් හානියට පත් කර තිබේ නම් එම නිර්දෙශ අනුව එම පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත්, මුතුරාජවෙළ අනාගත පරපුර සඳහා ආරක්ෂා කර දීමටත් තමන් කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (27) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.