කොවිඩ් ආරක්ෂාවට මාස්ක් දෙකක් භාවිතය වඩා හොඳලු
නව කොරෝනා වෛරසයේ නව ප්රභේදයන් කිහිපයක්ද ඉස්මතු වී ඇති වටපිටාවක, කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාව ඉහළ නැංවීමේ මාර්ගයක් ලෙස මාස්ක් දෙකක් හෙවත් ද්විත්ව මුඛ ආවරණ භාවිතය මහජන සෞඛ්‍ය නිලධාරීන් යෝජනා කරයි.
“ඔබට එක් ස්ථරයක් සමග භෞතික ආවරණයක් තිබේ නම්, ඔබ තවත් තට්ටුවක් දමන්න. එය වඩාත් ඵලදායී වනු ඇති බවට සාමාන්‍ය හැඟීමක් ඇති කරනවා. මිනිසුන් ද්විත්ව මුඛ ආවරණයක් භාවිතය, N95 අනුවාදයක් හා සමාන වෙනවා” එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධාන වෛද්‍ය උපදේශක බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.
එහිදී එක්සත් ජනපද ජනාධිපති බයිඩන් සහ උප ජනාධිපතිනී කමලා හැරිස් මෙන්ම, වෛද්‍ය ඇන්තනී ෆවුසි පවා සති ගණනාවක සිට මේ ආකාරයෙන් ද්විත්ව මුඛ ආවරණ භාවිත කරන ආකාරය විදෙස් මාධ්‍ය හරහා දැකගත හැකි විය.
එහිදී විශේෂයෙන්ම ශල්‍ය මුඛ ආවරණයකට උඩින් රෙදි මුඛ ආවරණයක්ද ඔවුන් පැලඳ සිටින අතර, මෙය ඇතැම් අවස්ථාවල තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ඉහළ නංවා ගන්නා අතර, තම ඇඳුමට ගැලපෙන ලෙස විලාසිතාවක් ආකාරයෙන් මුඛ ආවරණ භාවිතයටද අවස්ථාවක් ලබාදී ඇති බව කියැවෙයි.