කොරෝනා නැවැත්විය හැකි නාසයට ඉසිනා නව ද්‍රාවණයක්
කොරෝනා වෛරසයෙන් බේරීමට නාසයට දමනා දියර ද්‍රවණයක් නිපදවීමට එංගලන්ත විද්‍යාඥයින් පිරිසක් සමත්වී තිබෙනවා. එය ගිම්හානය වන විට ජනතාවට ලබාගත හැකි බවයි පැවසෙන්නේ.
මෙම ඉසින – බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් දියුණු කරන ලද ඉසිනයක් වනවා. මෙම ඉසිනය භාවිතා කරන්නෙකුට එක් වරකදි දින දෙකක් සදහා ආරක්ෂාව ලැබෙන බව පරික්ශකයන් පවසනවා.
අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂක ආචාර්ය රිචඩ් මෝක්ස් කියා සිටියේ මෙම ඉසින මගින් සමාජ දුරස්ථ සීමා කිරීම් නතර කිරීමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බවයි. ඉසින සඳහා කැරජීනන් නම් ප්‍රතිවෛරස් කාරකයක් යොදාගෙන තිබෙනවා. මෙම අමුද්‍රව්‍ය දැනටමත් වෛද්‍යමය භාවිතය සඳහා අනුමත කර ඇති අතර, එයින් අමතර අනුමැතියක් අවශ්‍ය නොවන බව ටෙලිග්රාෆ් වෙබ් අඩවිය සඳහන් කරනවා.
2020 අපේ‍්‍රල් මාසයේ සිට ඉසින නිපදවන පර්යේෂකයෝ එය විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමේ ඊළඟ පියවර ගැන ඖෂධ ක්ශේත්‍රයේ දැවැන්තයින් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ටෙලිග්රාෆ් වෙබ් අඩවිය වාර්තා කරනවා.