UN ප්‍රධානියාට කොවිඩ්-19 එන්නත් මාත්‍රාව ලබා දෙයි

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ට පසුගියදා කොවිඩ්-19 එන්නත ලබාදුන් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.
එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ එන්නත ලබාගැනීමට හැකිවීම ගැන තමා වාසනාවන්ත වූ අතරම, ඒ ගැන කෘතඥ වන බවයි. එමෙන්ම එන්නත සෑම කෙනෙකුටම සාධාරණ පදනමක් මත ලබාදෙන බවට සහතික වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඔහු ඉල්ලා සිටියේය.
71 හැවිරිදි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට ඔහුගේ වයස අනුව එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලැබීය. වයස අවුරුදු 65ට වැඩි නිව්යෝක් වැසියන් නගරයේ වර්තමාන එන්නත් කිරීමේ අදියර සඳහා ඇතුළත් කර ඇති අතර, එයට පාසල් ගුරුවරු ඇතුළු ඉදිරි පෙළ ප්‍රතිචාර දක්වන්නන්, පොදු ප්‍රවාහන සේවකයන් සහ සිල්ලර වෙළෙඳ සැල් සේවකයන්ද ඇතුළත් වෙයි.