ආසාදනයේ දරුණු අවස්ථාව පසුකළ බව ලෝපෙස් කියයි

මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඕබ්‍රඩෝර් කියා සිටියේ තමා නව කොරෝනා වෛරසය ආසාදනයේ දරුණුතම තත්ත්වය අවසන් කර ඇති බව වෛද්‍යවරුන් දැනුම්දුන් බවයි.

“මට තවමත් කොවිඩ්-19 ඇති නමුත් වෛද්‍යවරුන් දැනටමත් මට පවසා ඇත්තේ තීරණාත්මක අවධිය ගෙවී යන බවයි” යනුවෙන් 67 හැවිරිදි ජනාධිපතිවරයා ට්විටර් සමාජ ජාලය හරහා වීඩියෝ පණිවුඩයක් තබමින් ප්‍රකාශ කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පසුගිය සඳුදා දිනයේ ඔහු ට්විටර් පණිවුඩයක් තබමින් තමාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව දන්වා සිටියේ මෙලෙසිනි.

“මට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ඔබට දැනුම් දීමට සිදුවීම ගැන කනගාටු වෙනවා. රෝග ලක්ෂණ මෘදු නමුත් මම දැනටමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිනවා” ඔහුගේ පණිවුඩයේ විය. “සෑමවිටම මෙන්, මම සුභවාදීයි.” ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මෙක්සිකෝවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 1,841,893ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 156,579කි.