වලපනේ ප්‍රදේශය නැවතත් සුළුවට සෙලවෙයි

වලපනේ ප්‍රදේශයේ සුළු භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා.

පස්සර , මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය හා ඒ අවට ගම්මාන කීපයක මෙම භු කම්පනයක් සිදුවූ බවයි ගම්වාසීන් පවසන්නේ.

අද (31) අළුයම 03.00ට පමණ එම භූ කම්පන තත්ත්වය හටගෙන තිබෙනවා.

අදාළ භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 2ක ප්‍රබලත්වයකින් යුත්ත බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ සඳහන් කරනවා.

මහකනදරාව, පල්ලෙකැළේ සහ හක්මන යන ප්‍රදේශවල ස්ථාපිත කර ඇති භූ කම්පන මානවල එම භූ කම්පනය සටහන්ව තිබෙනවා. පසුගිය ජනවාරි 22 වන දින ද රිච්ටර් මාපකයේ ඒකක 1.8ක පුබලත්වයකින් යුත් භූ කම්පනයක් එම ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!