දෙදාහේ නෝට්ටු හා විස්සේ කාසි : මහ බැංකුව අච්චු ගහන්න යයි!
රුපියල් දෙදහසේ වටිනාකමකින් යුත් නව මුදල් නෝට්ටුවක් සහ රුපියල් විස්සේ වටිනාකමින් යුත් නව සමරුකාසියක් මේ වසරේ දී හඳුන්වා දීමට මහ බැංකුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
දැනට පවතින 11 වැනි මුදල් නෝට්ටු මාලාවේ කොටසක් ලෙස වැඩිදියුණු කරන ලද ආරක්ෂණ සලකුණු සහිතව මේ නව මුදල් නෝට්ටුව නිකුත් කිරීමට නියමිතය.
නව රුපියල් 20 කාසිය මහ බැංකුව නිකුත් කරන්නේ සංසරණය සඳහා වන සමරු කාසියක් ලෙසය. එය ළඟදීම නිකුත් කිරීමට නියමිතය.
2020 වසරේ දී මහ බැංකුව සිය 70 වැනි සංවත්සර සැමරුම සනිටුහන් කිරීම සඳහා මීට පෙර රුපියල් 20 කාසියක් නිකුත් කළ ද එය සංසරණය සඳහා භාවිතා නොකළේය.