වතු සේවකයින් වැඩවර්ජනයකට සැරසෙයි

වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන්නැයි බල කරමින් ලබන 05 වන දින එක්දින වැඩවර්ජනයක නිරතවිමට තීරණය කර තිබේ.

වතු හාම්පුතුන් සමග පැවති සාකච්ඡා අසාර්තකවීම හේතුවෙන් මෙලෙස එක්දින වැඩවර්ජනයක නිරතවීමට තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති එම්. රමේෂ්වරන් මහතා පෙන්වාදෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එම්.රමේෂ්වරන් මහතා මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳ අදහස් දැක්වු ඒ මහතා,

“ලංකාවේ පැවති ආණ්ඩුවලින් වතු ජනතාවට රුපියල් 1,000 දෙන්න ඕනේ කියලා සියලුම ඇමතිවරු මේකට කැමති වුණා. ඒත් වතු සමාගම් එකම මතයෙන් ඉන්නේ පාඩු ලබනවා දෙන්න බැහැ කියලා. ඒ හින්දා අපේ පක්ෂයේ මහලේකම් ජීවන් තොන්ඩමන් ඇමතිතුමාගේ නායකත්වයෙන් යුතුව තීන්දුවක් ගත්තා. එන 5 වන දා එක දවසක් උද්ඝෝෂණයක් කරන්නේ නැතිව වර්ජනයක් කරන්න. ඒක අපි සාමාජිකයින්ට සහ සියලුම වෘත්තීය සමිතිවලට කියලා තියෙනවා. සියලුම පක්ෂ පාට භේදයකින් තොරව අපි සියලු දෙනාටම ආරාධනා කරනවා 5 වනදා තියෙන මේ වෘත්තීය සමිති වැඩවර්ජනයට සහයෝගය ලාබාදෙන්න කියලා.“