වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර සාකච්ඡාවක්

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වය පිළිබඳව වරාය වෘත්තිය සමිති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකිමේ වෘත්තිය සමිති එකමුතුව සහ අග්‍රාමාත්‍යවරයා අතර විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එම සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට ස්ථීර විසඳුමක් නොලැබුණහොත් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති ඉදිරිපත් කර ඇති යෝජනාවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර ඇති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ඊට අදාළ යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරණු ඇති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!