වසා දැමු හැටන් බොස්කෝ විදුහල සහ හැටන් කලාප කාර්යාලය යළි විවෘත වෙයි

කොවිඩ් 19 වෛරසය අසාදනය වු සිසුන් 09 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු හමුවිම නිසා ඉකුත් මස 27 දින සිට තාවකාලිකව වසා දමා තිබු හැටන් බොස්කෝ විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු විෂබිජහරණය කිරිමෙන් පසු සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව (01) දින යලිත් විවෘත කල බව එම විදුහලේ උපවිදුහල්පති සංකර් මණිවන්නන් මහතා පැවසිය.

අසාදිත සිසුන් හදුනාගත් ගත් 09 සහ 10 වසර වල පන්ති කාමර තවදුරටත් වසා දමා එම ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සිසුන් 70 දෙනෙකු සහ ගුරුවරුන් 23 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවයි උප විදුහල්පතිවරයා කියා සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයෙන්ද කොවිඩ් 19 වෛරසය අසාදනය වු නිලධාරිනියක් හමුවිම නිසා එම කලාප අධ්‍යාපන කාර්යයාලයේ නිලධාරින් සහ සේවක සේවිකාවන් ඉකුත් මස 26 දින සිට සේවයට වාර්තා නොකරන ලෙසට කල දැනුම් දිමක් මත කලාප කාර්යයාලයේ නිලධාරින් සහ සේවක සේවිකාවන් පරිපාලනයේ උපදෙස් පරිදි යලිත් (01) දින සේවයට වාර්තා කර ඇත.

මේ අතර කොවිඩ් 19 වෛරසය අසාදනය වු සිසුවෙකු හැටන් ශ්‍රි පාද ප්‍රාථමික විද්‍යාලයෙන් හමුවිමෙන් පසු එම සිසුවා අධයාපනය ලැබු 02 වසර තාවකාලිකව වසා දමා එම සිසුවාගේ ළගම ආශ්‍රිත සිසු සිසුවියන් සහ ගුරුවරුන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර තිබුණි.

සිමිත ළමුන් පිරිසකගේ පැමිණිමත් සමග හැටන් ශ්‍රි පාද ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුද සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව (01) දින සිට යලිත් ආරම්භ කර ඇත.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු ළමුන් පිරිසක් හැටන් අවට පාසල් වලින් හමුවිමත් සමග හැටන් නගරය අවට පාසල් වලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක් පවතින බව විදුහල්පතිවරුන් පැවසිය.