Why should I swim ?

පිහිනීම කියන්නේ එක් ක්‍රීඩාවක් විතරක්ම නොවෙයි, ජීවිතේ බොහෝමයක් අවස්ථාවන් සමබරව පවත්වාගන්නට උරදෙන ක්‍රියාකාරකමක්. එය විටෙක ඔබේ ශරීර සෞඛ්‍යය වෙනුවෙනුත්, තවත් විටෙක ඔබේ විනෝදය වෙනුවෙනුත් කැපවන ක්‍රියාකාරකමක්…

හදවතට ගුණයි

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එදිනෙදා යෙදෙන අනෙකුත් ව්‍යායාම (ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම ආදී) සමග පිහිනීමෙන් හදවතේ ක්‍රියාකාරිත්වයට ඇතිවන්නේ සමබර සහ සමාන්තර බලපෑමක්

හැඩකාර වෙන්න

පිහිනීම, දිගු හැඩකාර මේදය රහිත මස්පිඬු සහිත සිරුරක් (අත් පය) ලබාදීමට ඇති කරන්නේ විශේෂ බලපෑමක්. හේතුව පිහිනීම අනවශ්‍ය කැලරි දහනයට උපකාරී වන නිසා.

බර උහුලන්න

ඔබ බර ඉසිලීම, බාස්කට් බෝල්, දිගු දුර දුවන, බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම්වල යෙදෙන කෙනෙක් නම් පිහිනීම තුළින් ලැබෙන අමතර ශක්තිය සහ දිගැදුම් නම්‍යතාව විසින් පෙර කී ක්‍රියාකාරකම් කිරීමේදී ඇති වන ආබාධ අවම කෙරෙනවා. සිරුරට විශේෂ විවේකයක් සපයනු ලබනවා.

පිහිනීමේදී ඔබේ සිරුරේ සෑම අවයවයක්ම එකවිට ක්‍රියා කෙරෙනවා. එය ඔබේ උඩුකයින් සියයට 70ක් සහ ඉතිරිය ඔබේ යටිකය හෙවත් දෙපය ක්‍රියාකාරී වෙනවා.

නිවැරදි පිහිනීම කියන්නේ අනෙකුත් ව්‍යායාමවලට සාපේක්‍ෂාව වැඩි වේලාවක් යෙදිය හැකි ක්‍රියාකාරකමක්.

පිහිනීමට පුරුදු පුහුණු වීම විටෙකදී ඔබේ විනෝදය, විවේකයට වැඩි වටිනාකමක් දෙන ක්‍රියාකාරකමක්. හේතුව වැව්, කලපු/ මුහුද හෝ පොකුණු වැනි තැන්වලත් පිහිනන්න ඔබට හැකියාව ලැබෙන නිසා.

පිහිනීම කියන්නේ තවත් අතකින් ඔබේ පවුලේ අය, යහළු මිත්‍රාදීන් වගේම පෙම්වතා/ පෙම්වතිය සමගත් වඩා සුන්දර සම්බන්ධතාවක් ගොඩනගා ගනිමින් යෙදිය හැකි ක්‍රියාකාරකමක්.