ජෝන්ගේ හොඳ කාලයද මේ ?
ජනප්රිය බොලිවුඩ් සිනමා නළු ජෝන් ඒබ්ර්හිම් රංගනයෙන් දායක වන සුපිරි චිත්රපට තුනක් මේ වසරේදි ප්රදර්ශනය වීමට නියමිතව ඇත. ඒ ඔහු විසින්ම නිෂ්පාදනය කරන ‘සත්යමේවා ජායති’ දෙවැන්න, ෂාරුක් හා දිපිකා සමගින් රංගනයෙන් දායක වන ‘පතන්’ හා තමා විසින් අධ්යක්ෂණය කරන ‘ඈටැක්’ ක්රියාදාම චිත්රපට තුළිනි.
සිනමා විචාරකයින් පවසන්නේ මෙම චිත්රපට තුන හරහා නැවතත් ජෝන් සාර්ථක නළුවෙකු වනු ඇති බවය. එමෙන්ම බොලිවුඩයේ කිං ඛාන් වන ෂාරුක් හා පසුගිය වසර කිහිපයේම අති සාර්ථක බොලිවුඩ් නිළිය බවට පත් වූ දිපීකා පදුකෝන් සමගින් ඔහුට ‘පතන්’ චිත්රපටය සඳහා එක්වීමට අවස්ථාව ලැබීමද ඔහුගේ සාර්ථකත්වයට හේතුවක් වනු ඇති බවද සිනමා විචාරකයින් වැඩිදුරටත් පවසා තිබේ.