ඉන්ද්‍රා ගාන්ධි වෙනුවෙන් චිත්‍රපටයක් හැදෙයි

ඉන්දීය අගමැතිනි ඉන්ද්‍රා ගාන්ධි මැතිණිය වෙනුවෙන් බොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට මේ වනවිට කටයුතු යොදා තිබේ. එහි ඉන්ද්‍රා ගාන්ධි මැතිණියගේ චරිතය නිරූපණය කිරිමට එක්ව ඇත්තේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි කංගනා රණවුත් බව සඳහන් වෙයි. ඇය පසුගියදා මෙම චිත්‍රපටය වෙනුවෙන් ගිවිසුම් අත්සන් තැබු බව වාර්තා වෙයි.

කංගනා මේ වනවිට තමිල්නාඩු මහා ඇමතිණි ජයලලිතා ජයරාම්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වු ‘තලවි’ චිත්‍රපටය සඳහාද රංගනයෙන් එක් විය. කෙසේ වෙතත්, කංගනා පවසන්නේ මෙය ඉන්ද්‍රා ගාන්ධි අගමැතිතුමියගේ ජීවිත කතාව පදනම් කරගෙන නිර්මාණය කරන චිත්‍රපටයක් නොවන්නක් බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!