මහජන උපයෝගීතා කොමිෂන් සභාවට නව සාමාජික මණ්ඩලයක්

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ බහුතර එකඟතාව පළ වී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පාර්ලිමේන්තු සභාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් ඊට සහභාගී වී සිටි බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම සභාවේ සභාපති ධුරය සඳහා ජනක රත්නායක මහතා නම්කර ඇති අතර චතුරිකා විජේසිංහ, මොහාන් සමරනායක, උදේනි වික්‍රමසිංහ සහ මහාචාර්ය ජනක ඒකනායක යන මහත්ම මහත්මීන් සෙසු සමාජිකයන් ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවු බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසීය.