බූරු පොළේ ආසාදිතයින් 13 දක්වා ඉහළ යයි
කෑගල්ල ඇටෝරුවාව සමගිගම කොවිඩ් ආසාදිත පුද්ගලයන් ගණන 13දක්වා ඉහල ගොස් ඇතැයි කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යාලය පවසනවා.
මෙම ගම්මානයේ නිවැසියන් නිරෝදායන නීති උල්ලංඝනය කරමින් සූදූ පිටියක් පවත්වාගෙන යාමත් උපන් දින සාදයක් පැවත්වීම නිසා එක ආසාදිතයකුගෙන් අසාදනය වීමට පටන් ගැනීම 13 දක්වා ඉහල ගොස් තිබෙනවා.
ඒ අනුව එම ගම්මානයට යොදවා තිබු සංචරන තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.
මෙම ගම්මානයේ නිවාස 18 මේ වනවිට ස්වයං නිරෝදායනයට ලක් කර ඇත.
එසේ තිබියදී සෞඛ්‍ය නිතිරීති පිලි නොපදින්නේ නම් තවත් අසාදිතයන් රැසක් ඉදිරියේදී හමු වනු ඇතැයි සෞඛ්‍ය නිලධාරීන් සැක පළ කරයි.