ෆේස්බුක් වෙත තරඟයක් දීමට එන ‘බෙබෝ’

බෙබෝ යනු මීට වසර කිහිපයකට පෙර ජනප්‍රියවෙමින් පැවති සමාජ මාධ්‍ය ජාලයකි.

කෙසේ නමුත්, 2005 වසරේදී ඇරඹි මෙම අමෙරිකානු සමාජ මාධ්‍ය ජාලය 2013 දී බංකොලොත්භාවයට පත්වීම හේතුවෙන් නවතා දැමිණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

නමුත්, බෙබෝ හි සම-නිර්මාතෘ මයිකල් බර්ච් පවසන්නේ එම සමාජ මාධ්‍ය ජාලය නැවත ඇරඹීමට කටයුතු සම්පාදනය කරමින් සිටින අතර ඒ ඔස්සේ ෆේස්බුක් සහ ට්විටර් සමාජ ජාල වෙත තරඟයක් දීම ඔහුගේ සැලැස්ම බවයි.

ෆේස්බුක් ආකාරයටම එහි ක්‍රියාකාරීත්වය නිර්මාණය කරන බව මයිකල් බර්ච් පවසයි.