දකුණට සිංහල පමණක් වෙද්දී උතුරේ භාෂා දෙකෙන්ම ජාතික ගීය කියයි

ඊයේ (04) පැවති ජාතික නිදහස් උත්සවයට සමගාමීව රටපුරා විවිධ ප්‍රදේශවල නිදහස සමරමින් උත්සව සංවිධානය කර තිබිණි. වව්නියාව දිස්ත්‍රික් නිදහස් උළෙල පැවැත්වූයේ දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන්ද සහභාගි වූ මෙම නිදහස් උත්සවයේදී සිංහල භාෂාවෙන් මෙන්ම දමිළ භාෂාවෙන්ද ජාතික ගීය ගායනා කර තිබෙනවා. විශේෂත්වය වන්නේ සිංහල සිසුන් දමිළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරද්දී දමිළ සිසුන් සිංහල භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති ජාතික නිදහස් උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කළ අතර ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කරන බවට ඊට පෙරම රජය නිවේදනය කළේය.