අභාවප්‍රාප්ත වූ නෙවිල් ප්‍රනාන්දු මහතාගේ බිරිඳටත් කොරෝනා
කොරෝනා වෛරසය ආසාදිතව මියගිය මෙරට දෙවන වෛද්‍යවරයා වන විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ බිරිදට ද කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කොරෝනා ආසාදිතව මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අයි.ඩී,එච්. රෝහලට මාරු කිරීමෙන් අනතුරුව ඊයේ (04) අභාවප්‍රාප්ත වුණා.
ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු කොටිකාවත්ත ආදාහනාගාරයේදී අද සිදු කෙරුණේ නිරෝධායන නීතින්ට අනුකූලවයි.