ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයට නව සභාපතිවරයෙක්
ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ නව සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය පත්කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපි ලබාදීම හා මූලික සාකච්ඡාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව එම කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා පත්කර තිබේ.
නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස හිටපු දිස්ත්‍රික් ලේකම්වරයෙකු වන සුනිල් කන්නන්ගර මහතා පත්කර ඇතිඅතර සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය ඒ.එල්. සුසිරිත් මෙන්ඩිස්, මහාචාර්ය රිස්වි හසන්, මහාචාර්ය එම්. එම්. ඒ. ඩී. එස්. ජේ. නිරිඇල්ල සහ ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ ඇතුළු පිරිසක් පත්කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ නව අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස නීතිඥ තුෂාරී සුරියආරච්චි මහත්මිය පත් කරඇති බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.