ෂීෂෙල්ස් සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

ෂීෂෙල්ස් රාජ්‍යයේ රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 164 දෙනෙකු ඊයේ දින රාත්‍රී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙවැනි ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගෙන තිබුණි .

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම පිරිස ඊයේ දින රාත්‍රී 10.45 ට ෂීෂෙල්ස් රාජ්‍යයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 708 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

පසුව මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායනය සදහා , රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබුණි.