ජෝන්සන් ඇන්ඩ් ජොන්සන් මාත්‍රා එකක කොවිඩ් එන්නත සඳහා අනුමැතිය ඉල්ලා සිටියි

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම මාත්‍රා එකකින් ලබාදෙන සිය කොවිඩ්-19 එන්නත, හදිසි භාවිතය සඳහා අනුමත කරන ලෙස එක්සත් ජනපද සෞඛ්‍ය නියාමකයින්ගෙන් ඉල්ලා ඇති අතර, එය ඉදිරි සතිවලදී යුරෝපීය බලධාරීන්ට ඉදිරිපත් කරන බවද සමාගම පවසයි.

එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පාලනාධිකාරිය වෙත සමාගමේ අයදුම්පත ජනවාරි 29දා ඉදිරිපත් කර ඇති අතර, එම එන්නත විශාල ගෝලීය සායනික අත්හදා බැලීම්වලදී එන්නත 66%ක ආසාදන වැලැක්වීමේ අනුපාතයක් පෙන්වා ඇති බව කියයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එසේම එක්සත් රාජධානියේ ප්‍රථම වරට සොයාගත් වඩාත් බෝවන කොරෝනා වෛරස ප්‍රභේදය සහ දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට මතුවූ ප්‍රභේදයට එරෙහිව අඩු එන්නත් කාර්යක්ෂමතා විභවයක් පැවතියද, එක් මාත්‍රාවකින් ලබාදෙන මෙම එන්නත එක්සත් ජනපදයේ ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරය සරල හා පහසු කිරීමට උපකාරී වනු ඇති බව කියයි.

එක්සත් ජනපදය තුළ දැනට අවසරය ලබාදී ඇති ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා එන්නත්වල මාත්‍රා දෙකක් ලබාදිය යුතු වුවත්, ජෝන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතෙහි විශේෂත්වය වන්නේ එක් මාත්‍රාවක් පමණක් ලබාදීම ප්‍රමාණවත් වීමයි.