‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ හි කපිතාන් දිවියෙන් සමුගනී

ලොව සදා අමරණීය චිත්‍රපටයක් ලෙස සැලකෙන ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ හි කපිතාන් වොන් ට්‍රැප් ගේ චරිතයට පණපෙවූ කැනේඩියානු නළුවෙකු වන ක්‍රිස්ටෝෆර් ප්ලම්මර් සිය දිවියෙන් සමුගෙන ඇත.

ඇමෙරිකාවේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ පිහිටි සිය නිවසේ දී සිය බිරිඳ වන එලෙයින් ටේලර් සමීපයේ සිටියදී ඔහු අවසන් හුස්ම හෙලූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මියයන විට ඔහු 91 වියේ පසුවිය.

බිගිනර්ස් යන චිත්‍රපටය වෙනුවෙන් 2012දී ඔස්කා සම්මානයක්ද දිනාගත් ඔහු, 2010 දී (ද ලාස්ට් ස්ටේෂන්) හා 2018 දී (ඕල් ද මනී ඉන් ද වර්ල්ඩ්) ඔස්කා සම්මාන සඳහා නිර්දේශ විය.