දිල්ලි නගරයේ මාවතක් සුශාන්ත් නමින්
තවමත් බොලිවුඩ් සිනමා නළු සුශාන්ත් රාජ්පුත් සිංගේ මරණයට විසඳුමක් නැති මොහොතක ඔහු නමින් ඉන්දියාවේ දිල්ලි නගරයේ මාවතක් නම් කරන්නට මේ වනවිට ඉන්දීය රජය තිරණය කර ඇතැයි වාර්තා වෙයි.
භාරතිය ජනතා පක්ෂයේ දකුණු දිල්ලි මහා නගර සභාවට තේරි පත් වූ ඇන්ඩ_ ගන්ජ් මන්ත්‍රිවරයා විසින් මෙම යෝජනවා ඉන්දීය රජයට මේ වනවිට ලබාදි ඇත. මේ අනුව ඉදිරි දිනකදී මෙම මාවත සුශාන්ත්ගේ නමින් නම් කරන්නට සූදානම් කර තිබෙන බව දැන ගැනීමට ලැබෙයි.