පෞද්ගලික බස් වර්ජනය ගැන විශේෂ සාකච්ඡාවක්
හෙට (09) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පෞද්ගලික බස් වර්ජනය සම්බන්ධයෙන් අද (08) දින පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අවසන් එකඟතාවයට පැමිණෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යා අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙන බවය.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙට දිනයේ පෞද්ගලික බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි.
කෙසේවෙතත් අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු එම වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.