ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරය වහාම ප්‍රතිසංස්කරණයට
අනුරාධපුර, ගම්පොළ, මහනුවර හා කොළඹ යන යුග හතරට අයත් සිතුවම්වලින් සමන්විත ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරය වහාම ප්‍රතිසංස්කරණය කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දී තිබෙනවා
ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරයේ සිතුවම් ඇදි ස්ථාන බොහොමයක් අද වන විට විනාශ වෙමින් පවතින බවත්, ඒ් පිළිබඳව වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් සඳහන් කරමින් විහාරයේ භාරකාර ධූරය හොබවනු ලබන ඇඹිල්මීගම ධම්මකිත්ති හිමියන් මිට පෙර පුවත්පතකට ප්‍රකාශ කර තිබීමෙන් පසු මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට ලක්ව තිබෙනවා
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් හිඳගල ලෙන් විහාරයට ගොස් දැනටමත් ලබා දී ඇති නිර්දේශ අනුව මෙම ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක වනු ඇති