කෝටි 6ක් වටිනා ටයිටන් වර්ගයේ වාලම්පුරි දෙකක් අත්අඩංගුවට
රුපියල් කෝටි 06ක් පමණ වටිනා ටයිටන් වර්ගයේ වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් 04 දෙනකු අද (01) අලුයම ඉමදූව පොලිස් වසමේ කෝදාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කළුතර පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි ඒකකය පවසයි. අත්අඩංගුවට ගත් වාලම්පුරි 02 හා සැකකරුවන් සිවුදෙනා වැඩි දුර පරීක්ෂණ කටයුතු සඳහා ඉමදූව පොලීසියට භාර දී ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකු විසින් උපයාදුතයකු වශයෙන් පෙනී සිටිමින් මෙකී වැටලීම සිදුකොට ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා හැටන් හා පානදුර යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන 04ක් ද පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් අය අතර, පාසල් ගුරුවරයකු හා විශ්‍රාමික ගුවන් හමුදා භටයකුද සිටින බව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි. ඔවුන් හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මෙකී වාලම්පුරි 02ක මොවුන් සතුව තිබී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකු විසින් උපාය දුතයන් ලෙස පෙනී සිටිමින් වාලම්පුරි විකිණීමේ ගනුදෙනුව කථා කරගෙන ඇත. පසුව මොවුන් ඉමදුව කොදාගොඩ ප්‍රදේශයේදී මේ ගනුදෙනුව කිරීම ගැන කථාබස් කරගෙන ඇත. ඒ අනුව සැකකරුවන් සිවු දෙනා වාලම්පුරි රැගෙන ඉමදුව, කොදාගොඩ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී මොවුන් කොටුකරගෙන ඇත.
අධිකරණ කටයුතු සඳහා සැකකරුවන් සිවුදෙනා හා වාලම්පුරි ඉමදුව පොලීසියට භාරදී ඇත. සමුද්‍ර හා වෙරළආරක්ෂක පනත යටතේ මොවුන්ට නඩු පැවරීමට නියමිතව ඇත. කළුතර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ බුද්ධි බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දයාරත්න, උ. පො. ප. අංජන, පොලිස් කොස්තාපල්වරුන් වන අත්තනායක දිසානායක හා ජයරත්න යන නිලධාරීන් විසින් වැටලීම කරණු ලැබීය.