සංචාරකයන්ට, කොවිඩ් නැති ලෝකයේ සුරක්ෂිතම රට බවට ලංකාව පත් කරනවා

මැයි මාසය වනවිට මෙරට සියලු දෙනාට කොවිඩ් එන්නත ලබා දී අවසන් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බැවින් ඒ වනවිට සංචාරකයන්ට කොවිඩ් වලින් තොර ලෝකයේ සුරක්ෂිතම රට බවට ශ්‍රී ලංකාව පත්වන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා

ඔහු අවධාරණය කරන්නේ ජනවාරි 21 වෙනිදා රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසුව මේ වනවිට සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව යථා තත්වයට පත්වෙමින් තිබෙන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් බෝ නොවීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලෙස අනුගමනය කරන්නේ දැයි සෞඛ්‍ය බලධාරීන් මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ද දැඩි අධීක්ෂණයක යෙදෙන බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා

රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් අනතුරුව වර්තමාන තත්වය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ඊයේ සංචාරක අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කර සිටියා