සේවකයන් අපහසුතාවයට පත් කළොත් හාම්පුතුන්ට වැඩ වරදියි
වතු කම්කරු ජනතාවගේ රැකියා සුරක්ෂිත භාවය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය පෙනී සිටින බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා
වතු කම්කරුවන්ගේ රු 1000ක දීමනාව සම්බන්ධයෙන් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වේළුකුමාර් මහතා අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැහැදිළි කර සිටියා
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ වතු සේවක සංගම් සහ හාම්පුතුන් අතර අවස්ථා ගණනාවකදී සාකච්ඡා කෙරුණු බවත් සාමූහික එකගතාව මත මෙම අදහස ලබා දීමට තීරණය කළද පොදු එකගතාවයකට පැමිණීමට නොහැකි වූ නිසා පඩි පාලක සභාව හරහා කම්කරු අමාත්‍යවරයා හරහා මෙම තීන්දුව ගත් බවයි.
සේවකයන් අපහසුතාවයට පත්වන යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් අදාළ හාම්පුතුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද රමේෂ් පතිරණ අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා
ඉදිරි සතිය තුළ කම්කරු අමාත්‍යංශය මේ සම්බන්ධව ගැසට් නිවේදනය පළ කල වහාම අදාළ සමාගම් මෙම වේතනය ගෙවීමට බැඳී සිටින බවද අමත්‍යවරයා පවසනවා
මෙම සමාගම් සියල්ල රුපියල් 1000ක වතු කම්කරු දීමනාව ගෙවීමට නීතිමය වශයෙන් බැඳී සිටින බවත් එහෙත් ඉදිරියේදී මේ සම්බන්ධව මතු වන ගැටළු සාකච්ඡා කර විසඳා ගැනීමට බලාපොරොත්තු වන බවද අමත්‍යවරයා කියා සිටියා