බිලියන 34ක තවත් ණයක් ගන්න රජය සැලැසුම්කර ඇතැයි වාර්තා වේ
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් (AIIB) ඩොලර් මිලියන 180ක (රුපියල් බිලියන 34ක්) ණය මුදලක් ලබා ගැනීමට රජය සැලැසුම්කර ඇතැයි වාර්තා වේ.
කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටුණු ව්‍යාපාර ක්ෂේත්‍ර යළි ගොඩ නැගීම සදහා මේ ණය ලබා ගැනීමට සැලැසුම් කර තිබේ.
අගමැති සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ ණය මුදල ලබා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බවද පැවසේ.
සංචාරක, ඉදිකිරීම්, ඇගලුම්, වෙළෙද, සෞඛ්‍ය සහ කෘෂි අපනයන යන ක්ෂේත්‍ර වෙනුවෙන් මෙම ණය මුදල් වැය කිරීමට නියමිතය.