ට්‍රම්ප්ගේ දෝෂාභියෝගය ව්‍යවස්ථාවට පටහැනි නැති බව සෙනට් මණ්ඩලය කියයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වූ දෙවැනි දෝෂාභියෝගය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව සෙනට් මණ්ඩලයේ බහුතරය ඡන්දය ප්‍රකාශ කරමින් පවසා තිබේ.

මේ අනුව හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය විභාගයට ගැනීමට බාධාවක් නොවන බවත්, පූර්ණ දෝෂාභියෝග විභාගයක් පැවැත්වීමටත් සෙනට් මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එක්සත් ජනපද ඉතිහාසය තුළ එරට කීර්තිනාමය වඩාත් පළුදුකළ නායකයෙකු ලෙස සැලකෙන ට්‍රම්ප්, ඇමෙරිකාව තුළ කොවිඩ්-19 වසංගතයද නොසලකා හැරීමේ ප්‍රතිවිපාක වඩාත් දරුණුවට රට භුක්ති විඳිමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.