රටබීම, මුහුණු පොත හරහා විකුණලා
සමාජ මාධ්‍ය ජාලා සහ මුහුණු පොත යොදා ගනිමින් ඇණවුම් ලබාගෙන නියමිත බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද විදේශීය මත්පැන් විකිණීමේ නිරතව සිටි පුද්ගලයකු රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා විදේශීය මත්පැන් මිලිලීටර් හතළිස් දහසක් සමග එක් සැකකරුවකු මීගමුව ප‍්‍රදේශයේ ඊයේ (09) අලූයම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සුරාබදු දෙපාර්මේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකය සඳහන් කරනවා.
කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු නිලධාරී කෝප‍්‍රල් නිලන්ත මහතාට ලද තොරතුරක් මත සුරාබදු නිලධාරියකු මුහුණු පොත හරහා සැකකරු හා සම්බන්ධ වී මත්පැන් මිලදී ගන්නා මුවාවෙන් මීගමුව ප‍්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසට ගොස් සිටියදී සුරාබදු නිලධාරීන් විසින් අදාළ නිවස වටලා සිදුකළ සෝදිසියකදී මෙම මත්පැන් තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට පත් සැකකරු 45 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.