විස්සට වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් අනතුරු ඇඟවීමක්
ප්රජාතන්ත්රවාදයේ සිට කුරිරු ඒකාධිපතිත්වයක් කරා රැගෙන යාමට ආණ්ඩුවට එකදු පුරවැසියකු හෝ බලයක් ලබා දී නොමැති බවට ලංකාවේ වෘත්තිය සමිති ව්‍යාපාරය ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ.
“ජනවරම ඒකාධිපති වියරුවක් නොකරනු, වැඩකරන ජනයා දංගෙඩියට යවන ඒකාධිපති 20 පරදවමු” මැයෙන් මුද්‍රිත අත් පත්ත්‍රිකාවක් මගින් 20 ට එරෙහි වෘත්තිය සමිති ව්‍යාපාරය අවධාරණය කර ඇත්තේ නව ආණ්ඩුව බලයට පත් වී තෙමසක් ගතවීමටත් මත්තෙන් ජන වරමට පයින් ගසා ඇති බවයි.
විසි වැනි සංශෝධනය හරහා ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදයේ සිට ඒකාධිපතිත්වය කරා රැගෙන යාම නියතයක් බව පෙන්වා දෙන එම වෘත්තිය සමිති ව්‍යාපාරය වැඩි දුරටත් අවධාරණය කරන්නේ විවිධ අඩුපාඩුකම් යටතේ වුවද මේ දක්වා පාරදෘශ්‍ය ස්වභාවයකින් පවත්වා ගත් ස්වාධීන කොමිෂන් සභා අහෝසි කර හෝ ඒවායේ ස්වාධීනත්වය නැති කර දමා ඇති බවයි.
ඒ හරහා ජනතා කැමැත්ත විමසන මැතිවරණ ක්‍රියාවලයේ සිට රාජ්‍ය සේවය, අධිකරණ පද්ධතිය ආදී ප්රජාතන්ත්රවාදී ව්‍යුහයන් දුෂිත වීමට නියමිත බව 20 ට එරෙහි වෘත්තිය සමිති ව්‍යාපාරයේ අදහසයි.
හදිසියට මුවාවෙමින් කිසිදු මහජන අදහස් විමසීමකින් තොරව ජනාධිපතිවරයාට නීති කෙටුම්පත් පැය 24 ක් තුළ සම්මත කර ගත හැකි බව පෙන්වා දෙන වෘත්තිය සමිති ව්‍යාපාරය අනතුරු අගවන්නේ මේ හරහා ගොවියා ඉඩම් අහිමිව උපන් බිමෙහි ම අනාථයන් බවට පත් කරන MCC වැනි ඉඩම් පැහැර ගැනීමේ ගිවිසුම් එක් රැයකින් සම්මත කළ හැකි බවයි.
එසේම, පසුගිය රජය සමයේ ගෙන ආ කම්කරු අයිතිවාසිකම් අළු දුහුවිලි කරන ඊනියා ඒකීය කම්කරු නීති සංශෝධනය වැනි ජන පීඩක පනත් එක රැයකින් සම්මත වීමේ අවධානමත් අත් පත්‍රිකාව මගින් වෘත්තිය සමිති නායකයෝ පෙන්වා දී තිබේ.