විනය කැඩූ හමුදා නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ

යුධ හමුදා නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයින් කිහිපදෙනෙකු සමග ඇති වූ සිදුවීමක් පදනම් කරගනිමින් සමාජ මාධ්‍ය තුළ මේ වන විට හුවමාරු වන වීඩියෝව සම්බන්ධයෙන් පූර්ණ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව යුධ හමුදාව නිවේදනය කරනවා.

යුධ හමුදා මාධ්‍ය ඒකකය සදහන් කලේ පූර්ණ සිදුවීම සම්බන්ධ පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම සිදුවීමට අදාළ පාර්ශවයන් වෙත නිසි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

යුධ හමුදාව තුළ මෙවැනි විනය විරෝධී ක්‍රියා අනුමත නොකරන බවයි යුධ හමුදාව අවධාරණය කරන්නේ.