හිටපු නියෝජ්‍ය ඇමති නියෝමාල් පෙරේරා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට

හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ නියෝමාල් පෙරේරා මහතා ඊයේ (12) විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සභිකයෙකු ලෙස පත්වීම් ලබා ගත්තේය. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ පූර්ණ ආශිර්වාදය ඇතිවය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයෙන් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ නියොමාල් පෙරේරා මහතා පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරයට පත්විය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පසුගිය මැතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුක්ත සමගි ජන බලවේගය සමග එක්වූ ඒ මහතා එහි ජාතික ලයිස්තුවටද ඇතුලත් විය.