ගම්මන්පිල රටේ නම වෙනස් කරන්න යයි
දැනට භාවිතා වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යන නම ශ්‍රී ලංකා ජනරජය ලෙස වෙනස් විය යුතු බවට ජාතික හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජාතික හෙළ උරුමය විසින් ඉදිරිපත් කරන යෝජනාවක් ලෙසයි එය ඉදිරිපත් කර තිබෙන්නේ.
එමෙන්ම බුද්ධාගම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම බවට පත් කළ යුතු බවටත්,ජනාධිපති ධූරයේ වාර සීමාව ඉවත් කිරීම සහ ජනාධිපති ධූරය මහ මැතිවරණයෙන්ම තෝරාපත් කරගැනීම යන යෝජනා ද ජාතික හෙළ උරුමය විසින් යෝජනා කර ඇත.
”මුලින්ම අපි යෝජනා කරන්නේ ශ්‍රී ලංකාවේ නම වෙනස්විය යුතු බවයි. දැන් කියන්නේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ශ්‍රී ලංකා ජනරජය. රටේ නම ශ්‍රී ලංකා ජනරජය බවට පත්විය යුතුයි කියල යෝජනා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා රාජ්‍ය සහ බුදුදහම අතර පවතින සුවිශේෂී ඓතිහාසික බැඳීම පිළිබිඹු වන ආකාරයෙන් බුද්ධාගම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම බවට පත්කළ යුතුයි. විධායක ජනාධිපති ධූරය තවදුරටත් රැකගත යුතුයි. හැබැයි ජනාධිපති ධූරය පාර්ලිමේන්තුවට වගකියන අධිකරණයට යටත් ධූරයක් බවට පත් කළ යුතුයි. ඊළඟට අපි යෝජනා කරනවා ජනාධිපතිවරණය අහෝසි කරලා ජනාධිපතිවරණයට යන වියදමත් නතර කරලා හැම පක්ෂයෙන්ම ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තු මැතිවරණයේදී නම් කරනවා මන්ත්‍රීවරු තරඟ කරනවා කොට්ඨාස වලට ජයග්‍රහණය කරන පක්ෂයේ අපේක්ෂකයා තමන්ගේ කොට්ඨාසයෙන් ඉවත්වෙලා ජනාධිපතිධූරය භාර ගන්නවා. ජනාධිපති ධූරයට තියෙන වාර සීමාව ඉවත්කළ යුතුයි කියලත් යෝජනා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මුස්ලිම් විවාහ නීතිය,උඩරට විවාහ නීතිය වගේම තේසවලාමේ නීතිය ඇතුළු සියලුම පුද්ගල සහ ප්‍රාදේශීය නීති අහෝසි කරලා එක රටක් එක නීතියක් යන සංකල්පය යටතේ සමස්ත ජාතියම එකම නීතියක් යටතේ පාලනය විය යුතුයි කියල අපි යෝජනා කරනවා.” යනුවෙන් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් උදය ගම්මන්පිල මහතා කියා සිටියි.