සුලං තත්වයන් හේතුවෙන් නිවාස 53 කට අර්ධ හානි
වවුනියාව හා මුලතිව් දිස්ත්‍රීක්කයේ ස්ථාන කිහිපයකට ඊයේ (31) රාත්‍රියේ බලපෑ අධික වර්ෂාව හා සුලං තත්වයන් හේතුවෙන් නිවාස 53 කට අර්ධ හානි සිදු වී ඇති බවට ආපදාකලමනාකරන කාර්යාල පවසයි.
වව්නියාව ගනේෂපුරම් ප්‍රදේශයේ නිවාස 34 කට හා සමය පුරම් ප්‍රදේශයේ නිවාස 4 කට හානි සිදුව ඇති අතර මුලතිව් මුල්ලිවයික්කාල් බටහිර හා නැගෙනහිර ප්‍රදේශයන්හි නිවාස 15 කට මෙසේ හානි සිදුව ඇති බවට වාර්ථා වෙයි.
නිවාස හානි සිදු වුවද වර්ෂාවේන් හෝ සුලං හේතුවෙන් පුද්ගල හානි කිසිවක් වාර්ථා වී නොමැති අතර හානි සිදු වූ ප්‍රදේශයන්හි හානි පිළිබඳව තොරතුරු එක්රැස් කිරීමේ කටයුතු සිදු කරන බවටද ආපදාකලමනාකරන නිලධාරීන් වැඩි දුරටත් පැවසීය.
මුලතිව් හා වව්නියාව දිස්ත්‍රීක්කයන්හි නැවත පදිංචි වූවන්ගේ තාවකාලික නිවාස වැඩි වශයෙන් මෙසේ හානි සිවු ඇති අතර ඉදිරියේදි වර්ෂාව වැඩි වුවහොත් තමන දැඩි ලෙසින් පීඩාවට පත්වන බවට නැවත පදිංචි ජනතාව වැඩි දුරටත් පැවසූහ.