දෙමළ ජනතාවගේ අයිතීන් සුරකීම සඳහා ශ්‍රී ලාංකික නායකයින් සමග තම රජය අඛණ්ඩව කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් සුරකීම සඳහා ශ්‍රී ලාංකික නායකයින් සමග තම රජය අඛණ්ඩව කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.
චෙන්නායි හි අද (14) පැවැති ජන හමුවකදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
එහිදී, “ශ්‍රී ලංකාවේ සිටින දෙමළ සහෝදර, සහෝදරියන්ගේ සුබසිද්ධිය පිළිබදව අපේ රජය සැලකිලිමත්වනවා. උතුරු – නැගෙනහිර අවතැන් වූ දෙමළ ජනතාව වෙනුවෙන් නිවාස 50,000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය මෙන්ම වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස 4,000 ක් ඉදිකිරීම හා සෞඛ්‍ය අංශයෙන් දෙමළ ජනතාව වෙනුවෙන් නොමිලේ ක්‍රියාත්මක වන ගිලන්රථ සේවාවක් වෙනුවෙන් අප සියලු කටයුතු අවසන්කර තිබෙනවා.”
“දෙමළ අයිතිවාසිකම් පිළිබඳ ප්රශ්නය අප විසින් ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව ඉදිරියට සාකච්ඡා කරනවා. ඔවුන්ට සමානාත්මතාව, යුක්තිය, සාමය සහ අභිමානය සමඟ ජීවත්වීම සහතික කිරීමට අපි කැපවී කටයුතු කරනවා. ඒ වගේම ඉන්දීය ධීවරයෙකු ශ්‍රී ලංකා අත්අඩංගුවට ගත්විට කඩිනමින් නිදහස් කරගැනීමට කටයුතු කරන බවට අපි සහතික වෙනවා. මේ වනවිට ශ්‍රී ලංකා අත්අඩංගුවේ කිසිදු ඉන්දියානු ධීවරයෙකු නැහැ,” යනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.
මේ අතර ඉන්දීය මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබානොදීමට චීනයෙන් බලපෑමක් එල්ල නොවු බවය.
“වෘත්තිය සමිති, භික්ෂූන්වහන්සේ හා ජාතික සංවිධාන මේ වෙනුවෙන් විරෝධතා සිදුකළා. විවිධ දේශපාලන මතයන්වල එකතුවක් ලෙසයි එය සිදුවුණේ. නමුත් ඉන්දියාව සමග විශාල ආයෝජන හා ව්‍යාපෘති ඉදිරියට සිදුකරගෙන යනවා. ඔබ පවසන පරිදි මේ සංවිධාන චීනයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වුණා කියලා මම හිතන්නේ නැහැ. එසේ කීමට හැකියාවක් නැහැ,” යනුවෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත.