කෲඩියා සිලනිකා නරඹා හිටපු ජනාධිපති මෛත්‍රීපාල තැබූ ෆේස්බුක් සටහන

සමාජයේ සංවාදයට බඳුන් වී ඇති ගම්පහ දාරළුව ප්‍රදේශයෙන් හමුවූ කෲඩියා සිලනිකා ගස නැරඹීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොස් තිබුණි.

අනතුරුව ඔහු ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කළේ, එම ශාකය එම ස්ථානයෙන් ඉවත්කර සංරක්ෂණය කිරීම කළ හැකි කාර්යක් ලෙස තමා විශ්වාස නොකරන බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

හිටපු ජනාධිපතිවරයා තැබූ සම්පූර්ණ ෆේස්බුක් සටහන මෙසේය., “නෂ්ට වී තිබෙන ඒක දේශීය ශාකයක් වන “පණු කරද” හෙවත් Crudia Zeylanica අති දුර්ලභ ශාකය ගම්පහ දිස්ත්‍රික්කයේ දාරළුව ප්‍රදේශයෙන් හමු වීමත් සමග එම ශාකය සියැසින් දැක බලා ගැනීමට සහ මෙම ශාකය අද මුහුණ පා තිබෙන තර්ජනය පිළිබදව මා හට නිසි අවබෝධයක් ලබාගැනීමට එම ශාකය තිබෙන ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙන  ලදී.

ඉතා සංවේදී පරිසර පද්ධතියක පිහිටා තිබෙන Crudia Zeylanica අති දුර්ලභ ශාකය එම ස්ථානයේ තිබියදීම සංරක්ෂණය කිරීම වඩාත් යෝග්‍ය බව මා හට හැඟී ගිය කරුණකි. එම ශාකයේ ප්‍රමාණය, මූල පද්ධතිය සහ වයස සැලකීමේදී කිසිලෙසක එම ශාකය එම ස්ථානයෙන් ඉවත් කොට සංරක්ෂණය කිරීම කළ හැකි කාර්යයක් ලෙස මා විශ්වාස නොකරමි.

මාර්ග සංවර්ධන අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ශාකයේ වටිනාකම සහ දුර්ලභත්වය සැලකිල්ලට ගෙන මතු අනාගත දරුවන් වෙනුවෙන් මේ මහා වෘක්ෂය ආරක්ෂා කොට අධිවේගී මාර්ගය ඉදි කරනවා නම් එය මුළු මහත් පරිසරයටම සිදුකරන ගෞරවයක් ලෙස මා මතක් කර දීමට කැමැත්තෙමි.

මෙම ශාකය හඳුනාගත් සහ ශාකය ආරක්ෂා කිරීමට කැපවූ ගරුතර මහා සංඝරත්නයට, රාජ්‍ය නිලධාරීන් සහ පරිසරවේදීන් හට  පරිසරයට ආදරේ කරන නායකයකු ලෙස මා ගෞරව කර සිටිමි.”