ඇස්ට්‍රාසෙනෙකා එන්නත මහජනතාවට ලබා දීම අද සිට

කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලබා දෙන ඇස්ට්‍රාසෙනෙකා එන්නත අද (15) සිට ජනතාවට ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

බස්නාහිර පළාතෙන් එය ආරම්භ කරන අතර මුල් අදියරේ කොවිඩ් 19 වෛරසය ආසදනය වීමට වැඩි ඉඩකඩක් ඇති අවදානම් කලාප වල සිටින ජනතාව සඳහා එන්නත ලබා දීමට නියමිතය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර මේ වන විට එම එන්නත ඊයේ (14) දිනය අවසාන වන විට 189,349ට ලබා දී තිබේ.

එන්නත්කරණය පසුගිය ජනවාරි 29 වැනි දින ආරම්භ කරන ලදී.