වෙන රටක පක්ෂයකට මෙහෙ මැතිවරණවලට එන්න බෑ -මැකො

ශ්‍රී ලංකාව තුළ ද භාරතීය ජනතා පක්ෂය (BJP) පිහිටුවීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා සිදු කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා අවධාරණය කළේ වෙනත් රටක පක්ෂයකට ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වීමේ හෝ මැතිවරණ සඳහා තරග කිරීමේ හැකියාවක් නොමැති බවය.

ලංකාවේ ඒගොල්ලන්ගේ ශාඛා එහෙම පිහිටුවලා තරග කරන්න පුළුවන්කමක් නෑ. ඒක ලංකාවේ පක්ෂයක් නම් ලංකාවේ ඉන්න පුරවැසියන්ගෙන් පක්ෂයක් හදලා පහුගිය අවුරුදු 4ක් 5ක් තිස්සේ දිගටම වැඩ කරලා තරග කරලා මැතිවරණවලට, එහෙම ගොඩනඟා ගත්ත පසුබිමක් තුළ විතරයි පක්ෂයක් ලියාපදිංචි කරලා පිළිගත් පක්ෂයක් හැටියට තරග කරන්න පුළුවන් වෙන්නේ. නැතුව කොයි තරම් ප්‍රබල පක්ෂයක් වුණත් මෙහේ ශාඛා හදාගෙන තරග කරන්න පුළුවන්කමක් නැහැ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමෙන්ම භාරතීය ජනතා පක්ෂය මෙරට පක්ෂයක් හා සන්ධානගත වී මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද සභාපතිවරයාගෙන් විමසීය.

එහිදී ඔහු සඳහන් කළේ නීත්‍යනුකූලව එසේ කිරීමේ හැකියාවක් නොමැති බවය.

“ඒක අපේ නීතියෙන් බෑ. රටේ තියෙන පක්ෂ අතර සන්ධාන හදන්න පුළුවන්. විදේශ පක්ෂත් එක්ක සන්ධානගත වෙලා මේක කරන්න බෑ.”