විදෙස් සංචාරකයින්ට පනවා තිබූ නිරෝධායන රෙගුලාසි ලිහිල් කෙරේ

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට පනවා ඇති ඇතැම් දැඩි රෙගුලාසි කිහිපයක් ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ ලබා ගනිමින් රෙගුලාසි ලිහිල් කිරීමට හැකි බවට හඳුනාගෙන ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අනුව කිසියම් හෝටලයක රැදී සිටින සංචාරකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති නම් එම සංචාරකයින් හෝටලයෙන් පිටව ගොස් තවත් දින 14ක් හෝටල් සේවකයින් එම හෝටලයේම නිරෝධායනය විය යුතු බවට ඇති රෙගුලාසි ලිහිල් කිරීම කෙරෙහි ද අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයින් සමග පැමිණෙන වයස අවුරුදු 12ට අඩු කුඩා දරුවන් සඳහා PCR පරීක්ෂණ සිදු නොකිරීමටද තීරණය කර තිබෙනවා.